දේව දූත සූත්‍රය 1

දේව දූත සූත්‍රය 1

සතර අපායවලින් ( ප්‍රේත,අසුර,තිරිසන්,නිරය ) එක් අපායක් වන නිරය බොහෝ දුක් සහිත කර්මානුරූපීව මැවුණු ලෝකයකි.අපාය යැයි බොහෝ දෙනා හදුන්වන්නේ මෙය වන අතර සමහර මිසදුටුවන්ගේ අදහස වන්නේ මෙය මිනිසුන්ව පාපයෙන් වැළැක්වීමට ගෙතූ මුසාවක් බවය.අපට අනික් ආගම් විශ්වාස වලින් පලක් නැත.බොදුනුවන් අපි පිළිගත යුත්තේ නිර්මල බුද්ධ දේශනාය.මෙවැනි කර්මානුරූපී ලෝක,ඕපපාතික සත්තවයින් නැතැයි සිතන පුද්ගලයා බුද්ධ දේශනාවට අනුව නියත මිථ්‍යා දෘෂ්ටිකයෙකු ‍බවට පත්වන අතර එය බොහෝ කලක් ඔහුට දුක පිණිස පවතී.

බොහෝ දෙනෙක් නොපෙනෙන දිව්‍ය ලෝක,දෙවියන් විශ්වාස කළද නොපෙනෙන නිරය පිළිගැනීමට මැලි වෙයි.
‍තෙරුවන් සරණ යන අප මේ දෙක පමණක් නොව බ්‍රාහ්මණ තල,අසඤ්ඤ තල,සතර අපාය ආදී බුදුරදුන් දේශනා කළ,
අපට ඉන්ද්‍රීයන්ට ගෝචර නොවන දෑ පිළිගැනීම අත්‍යවශ්‍යය.ඒ වෙන කරුණක් නිසා නොව මේවා බුදුන් වහන්සේ තම නුවණින්ම දැක ප්‍රත්‍යක්ෂ කරගෙන ඇත්ත ඇති සැටියෙන්ම අපට දේශනා කළ නිසාය.

ලෝකයෙහි බහුතරයක් දෙනා නවීන විද්‍යාව කරපින්නාගෙන සිටියි.ඔවුන් විද්‍යාඥයින් කී පමණින් නොපෙනෙන
ගුරුත්වාකර්ෂණය පිළිගනී.නමුත් බුදුන්වහන්සේ දිබ්බ චක්ඛු, දිබ්බ සෝත ආදී දිවැස් නුවණින් දැක වදාරණ මෙවැනි
අද්භූතජනක කරුණු පිළිගැනීමට ඔවුන් අසමත් වේ.එවැනි මිසදුටුවන් බුද්ධ දේශනා පිළිගන්නේත් එම විද්‍යාත්මක
සම්මුතීන්ට හා න්‍යායන්ට ගැලපෙනවනම් පමණි.අපට කිසිවිටෙක බුදුන්වහන්සේගේ සර්වඥතා ඥාණය හා මෙම පුහු
බටහිර විද්‍යාව සැසදිය නොහැක. මිනිසුන්ගේ නිදහස් චින්තනය අහුරන මෙම විද්‍යාව නමින් පෙනී සිටින අවිද්‍යාව,
බුදුදහම හා බලන විට සිටින්නේ ළදරු මට්ටමක ය.

ලොව සත්‍ය දර්ශනය වන බුදුදහමේ පහස ලැබූ අප මහා භාග්‍යවන්තයෝ ය.
ඒ තුන්ලෝකාග්‍ර වූ මාගේ බුදුසමිදුන්ගේ ලෝකවිදු බුදුගුණයට මාගේ නමස්කාරය වේවා………

මෙතැන් සිට ඒ මහා දුක් සහිත නිරයේ ස්වභාවය සලකා බලමු
————————–————————–————————–————————–————————–——
දේවදූත සූත්‍රය යනු මිහිදු මාහිමි මෙරට ජනතාවට කළ පළමු දේශනාවයි.චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කලේ රජුටය.
නිරයේ වූ අනන්ත දුක් සහිත බවට කළ හැකි උපමාවක්ද නැති බව මුලින්ම වටහා ගත යුතුය.

ජීවිත කාලය තුළ රාග,ද්වේශ.මෝහ තුළ ඉතා දැඩිව වෙලෙමින් අකුසල රැස් කරගත් පුද්ගලයා මරණින් පසු අපාගත වේ. පංච ආනන්තරීය පාප කර්මයන්ගන් එකක් හෝ සිදු කළ යමෙක් වේද ඔහු ඒකාන්තයෙන්ම මරණින් පසු නිරය වෙත
ඇදී යයි.බුද්ධ දේශනා වලට අනුව ලෝක වාසීන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් සුගතිගාමී වේ.එයින් අදහස් වන්නේ
අනෙක් පිරිස නිරය ආදී ලෝකවල උපත ලබා අනේක විධ දුක් අනුභව කරන බවය.නිරය අපගේ මහගෙදර වැනියැයි
මේ සූත්‍රයේ කියවෙන්නේ අප නිරයේ ඉපදී අනන්ත අප්‍රමාණ දුක් විදි වාර ගණන ඉතා විශාල නිසාය.

උන්වහන්සේලා මෙම දුක්ඛිත ලෝකවලින් මිදී ‍අපගේ දැනුවත් බව පිණිස මෙවැනි දේශනා කලේ අපව මෙම
දුක් සහිත බවෙන් මුදවා ගැනීමටය.

අපායගාමී වන පුද්ගලයා මුලින්ම ඇදී යන්නේ නිරයේ දොරටුව වෙතය.එතන සිටින යම රජුන් දේවදූතයන් නමින්
හදුන්වන්නන් ( කුඩා දරුවා,මැහැල්ලා,රෝගියා,දඩුවම් ලබන්නා,මැරුණු පුද්ගලයා) දකින විටදිවත් අප්‍රමාදීව කුසල්
වැඩිය යුතු බවව වැටහුනේ නැත්දැයි අසයි.එවිට නිරිසතා (අපායගාමී ප්‍රාණකාරයා) ”නැතැයි,බැරිවුනායි” කියන විට
යම රජුන් මෙසේ ප්‍රකාශ කරයි.”නුඹ අපාගාමී වූයේ නුඹේ අඹුදරුවන්වත්,නෑදැයින්වත්,අසල්වැසියන්වත් කළ ක්‍රියාවන්හි
විපාක විදීමට නොව.නුඹේ අයහපත් ක්‍රියාවල හා කුසලයට ප්‍රමාද බවේ විපාක විදිනු පිණිස ය”

ඉන්පසු යම රජුගේ අණ පරිදි යමපල්ලන් නොහොත් නිරිපල්ලන්(කර්මානුරූපීව මැවුණු) විසින් මොහුව නිරය තුළ‍ට
රැගෙන යයි.එතැන් පටන් ඇත්තේ මොහුට දෙන විවිධාකාර වූ දඩුවම් ගැන කෙරෙන දේශනාවය.නිරය යනු අනන්ත
අප්‍රමාණ සත්ත්වයින් පිරිසක් දුක් විදින ඝන අන්ධකාරයෙන් පිරුණු ස්ථානයකි.මෙයට ආලෝකයක් වැ‍ටෙන්නේ
බෝසතාණන්ගේ බුද්ධත්වය සිදුවන අවස්ථාවේදී පමණක් බව ධර්මයෙහි සදහන් වේ.

මුලින්ම යමපල්ලන් විසින් මෙම නිරිසතාව ගිනිගෙන දිලිසෙන පොළොව මත උඩුබැලි අතට තබා කකුල් දෙකට,
අත් ‍දෙකට හා පපුවට උල් පහක් අනී.එවිට දැඩි සේ විලාප දෙමින්,වේදනාවෙන් දගලන මොහු මරණයට පත්වේ.
නමුත් කර්මානුරූපීව නැවත නැවත එතනම පහළ වෙයි.මෙසේ බොහෝ කාලයක් මෙහිම දුක්විදින සත්වයාව
රැගෙන ගොස් ඉන්පසු කරන්නේ කකුල් දෙකෙන් ඔසවා කෙටේරියක් ගෙන පහළ සිට ඉහලට රැහීමයි.ඉන්පසු
යමපල්ලන් විසින් ඔලුවෙන් අල්ලා උඩට ඔසවා හිසේ සිට පහලට ශරීරයේ මස් රහිනු ලබයි.මෙසේ ඔහු‍ගේ
මස් රහින වාරයක් පාසා නැවත මස් වැ‍‍ඩේ.මනුෂ්‍යයන්ට දැනෙන වේදනාව එම අයුරින්ම දැනුනද මැරී නිරයෙන්
චුත වීමක් නැත.මැරි මැරී එතනම පහළ වන අතර බොහෝ කාලයක් මෙතනම දුක් විදියි.අපව ආයුධයකට
කැපුනත් ඇතිවන වේදනාව බලන්න.එසේ නම් මෙම සත්වයා කෙතරම් දුකක් විදවන‍වා ඇත්ද?කර්මය අවසන්
වන තෙක් මෙසේ දුක් විදී.

ඉන්පසු ගිනිගෙන දිලිසෙන පොළවෙ මොහුව තබා (වැතිරෙන ආකාරයට) කර්මානුරූපීව මැවුණු රථ මගින්
යට කිරීම සිදුකරයි.රථ මෙ‍සේ ඕපපාතික ජීවියාගේ ශරීරය උඩින් එහාට මෙහාට යාමේදී ‍ඔහු දැඩි සේ
විලාප දීදී වේදනාවෙන් කෑ ගසයි.මනුෂ්‍යය ලෝකයේ ජීවත්වන අපව වාහනයකට යට වුවහොත් කෙතරම්
වේදනාවක් දැනෙයිද?එම වේදනාව ඊට වඩා දස දහස් ගුණයකින් මොහුට දැනුනද,සැනසිල්ලක්නම් නැත.
මෙසේ කල්ප ගණන් එකම තැන දුක් ‍විදින සත්තවයින්ද සිටියි.

About The Author

Related posts

1 Comment

  1. pethum

    පාප මිත්‍ර සේවනය නිසා
    පාරාජිකාවට පත් වු යම්
    භික්ෂුවකට පසු කලක සියලු
    වැරදි අතහැර සද්ධර්මය
    අනුගමනය කොට මාර්ගපල ලාබා ගත
    නොහැකිද. එවන් අවස්ථාවකට පත්
    වූ අයෙක් පළිබඳව කාරුණිකව
    සිතා ඔහුට අනුගමනය කළ හැකි මඟ
    කුමක් දැයි විස්තර කර දෙන්න

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *